Sunday, July 8, 2012


ඔබගේ Blog Site හෝ Web Site එකටත් තමුන්ටම කියා ඔන්ලයින් වීඩියෝ චැනලයක්

මේ සඳහා නොමිලයේ පහසුකම් ලබා දෙන ආයතන කිහිපයක් ඇතත් මා ඉන් එකක් පිලිබඳව කියා දෙන්නයි සූදානම් වන්නේ. හරි එහෙනම් මෙන්න මේ පහල තිබෙන ලින්ක් එකෙන් ගිහින් මුලින්ම ඔබේ ඊමේල් ලිපිනය , යූසර් නේම් ,පාස්වර්ඩ්  සහ අදාල දේවල් පුරවල රෙජිස්ටර් වෙන්නකෝ.

                                               http://www.justin.tv  

                                 දැන් ඉතින් අපේ චැනල් එකේ වැඩේ හරි කෙලින්ම අපේ පේජ් එකට එතනින් යනව.ඊට පස්සෙ අපිට ඕන සෙටින්ස් හදන්න පුලුවනි අපේ යූසර් නේම් එක උඩ මවුස් පොයින්ටර් එක තියාගෙන ඉන්නකොට අපිට ඕන සෙටින්ස් පේජ් එකට යන්න පුලුවනි ( Channel settings, Account Settings)

                      මතක ඇතුව අපේ account setting Page එකේ අප‍ගේ Email ලිපිනය තිබෙන තැන ඉදිරියෙන් link එකක් තිබෙනවනෙ Verifi කියල ඒක උඩ click කරල අපේ email එකට ගිහින් එතන තිබෙන link එක click කරල නැවත ඒ හරහ channel Page එකට එන්න ඔනි. එවිට තමයි අපේ Email ලිපිනය Verified වෙන්නෙ. ඕව ඉතින් කියන්නත් දෙයක්යැ නේද..? හරි..දැන් ඉතින් අපිට අවශ්‍ය ආකාරයට settings ඕන ඕන විදියට හදාගන්න බැරියැ.. බලමුකො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල ඊට ඉස්සරවෙලා නේද..?

   හරි දැන් ඉතින් පලමුවෙන් අපි බලමු අපේ webcam එකෙන් දීල මොකද වෙන්නෙ කියල..

              හෝව් හෝව් මට එකක් අමතක උනා.. ආ... කමක්නෑ තාම පරක්කු නෑනෙ. දැන් ඔයාලගෙ Video player එක ඔයාලගෙ blog එකට හරි Web එකට හරි ඇතුලත් කරගන්න එපැයි.ඒකට මෙන්න මෙහෙම කරන්න. ඔයාල දැන් හදාගත්තු account එකේ උඩම තියෙන ඔයා දීපු Username එක උඩ මවුස් පොයින්ටර් එක තියාගෙන ඉද්දි  Pages යටතේ  Channel කියල ති‍බෙන link එක click කොරපුවහම යන්නෙ ඔයාලගෙ Video Player එකට තමයි. අන්න ඒ Player එකට පහලින් තිබෙන Embed code එක (  Embed - Copy this code to your website or blog යටින් ඇති ) copy කරන් ගිහින් ඔයාගෙ site එකට paste කරන්න.එච්චරයි.

                                      ම්ම්ම... ඒ උනාට තාම කොහොමද ‍ ‍webcam එකෙන් දෙන්නෙ කියල කිවුවෙ නෑනෙ. දැන් යන්න ඔයාගෙ account එකට උඩින්ම රතුපාටට කොටුවක් තියෙන්නෙ Go Live කියල, අන්න ඒක ඔබන්න.( මේ වනවිට ඔබේ වෙබ් කැමාරාව පරිගණකයට සම්බන්ධ කරල තියෙන්න ඕන හොඳේ.)

ඊට පස්සෙ මෙන්න මේ පහල රූපයේ විදියට එකක් එයි.ඒකෙ කොලපාටට තිබෙන Allow කියන බට්න් එක උඩ click කරපුවාම ඔයාගෙ වෙබ් කැමරාව පෙනෙයි දැන් එහි  start කියා තිබෙන එක මත click කරන්න වැඩේ හරි. දැන් ඔයාගෙ Blog site හෝ web site එකට ගිහින් බලන්න webcam එකෙන් යන රූප බලාගතහැකියි.                 
 
මේ මම කියල දුන්නේ සරලම දේවල් ටිකක් විතරයි.. තව වැඩ තියෙනව ගොඩාක්..ඒත් ඉතින් ඔක්කොම එකින් එක ලියන්න ගියොත් මට පික්සු හැදෙයි.මීටඅමතරව වෙනම TV Card හෝ Capture card භාවිතා කරමින් ඔබට සිතෙන පරිදි ඕනෑම වීඩියෝවක් සජීවීව ඔබේ සයිට් එක හරහා විසුරුවා හැරිය හැකියි.